Python විවරණ – Comments

ක‍්‍රමලේඛයක් පරිශීලනය කරන්නෙකුට එය පහසුවෙන් තේරුම් ගැනීම සඳහා එම ක‍්‍රමලේඛයේ එක් එක් කොටස් පිළිබඳ විස්තර එම ක‍්‍රමලේඛය තුළම අන්තර්ගත කිරීමට විවරණ භාවිතා කරනු ලැබේ. මේවා ක‍්‍රමලේඛයක ඇති ප‍්‍රකාශ මෙන් කි‍්‍රයාත්මක නොවේ. ඇතැම් විට ක‍්‍රමලේඛයේ ඇති ඉවත් කළ යුතු ක‍්‍රමලේඛ කොටස් සම්පූර්ණයෙන්ම මකා ඉවත් නොකර තාවකාලිකව කි‍්‍රයාත්මක නොවන තත්ත්වයට පත් කිරීමට (temporally disable) ද විවරණ භාවිතා කරනු ලැබේ. 

පයිතන් හි විවරණ වර්ග 2කි

1.    Single line comment/one line comment
2.    Multiple line comment

Single line comment/one line comment ලබා දීම සඳහා # සංකේතය භාවිතා කරනු ලැබේ. # සංකේතයට පසුව හමුවන සියල්ල පයිතන් විසින් නොසලකා (ignore) හරිනු ලැබේ.

al 7.6-1

 

 

 

 

 

Multiple line comment  ලබා දීම සඳහා ''' (3 single quotes) සංකේත විවිරණයට පෙර හා පසු භාවිත කරනු ලැබේ. al 7.6-2

You may also like...